ගමන් බලපත් ඡායාරූපවලට තිලක - රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතය තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

ගමන් බලපත් ඡායාරූපවලට තිලක - රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතය තහනම්

ගමන් බලපත් ඡායාරූපවලට තිලක - රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතය තහනම්

ගුවන් ගමන් බලපත්‍ මුද්‍රණය  සඳහා  කාන්තාවන්  ඡායාරූප ගැනීමේදී   නළලේ තිලක තබමින් හා අධික ලෙස රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිත කරමින් ඡායාරූපයට  පෙනී සිටීම තහනම් කරමින් ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව මගින් නීතියක්  පනවා තිබෙනවා.


 

ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මෙම තීරණයට හින්දු සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක විරෝධය මතුව ඇති පාරම්පරික සංස්කෘතික අංගයක් වන හින්දු කාන්තාවන් නළලේ තිලක යෙදීම සිදු නොකරන්නේ සැමියා මිය යාමෙන් පසුව බවද අවධාරණය කර සිටීයි.

 

ජාත්‍යන්තර නීතිරීති වලට අනුකූලව අළුතින් ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේදී මෙම නීතියට අනුකූලව ඡායාරූප වලට පෙනී සිටීම අනිවාර්ය කර ඇතැයි ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද ඉද්දවල මහතා පැවසුවා.

 

 ලෝකයේ ගුවන් ගමන් නියාමනය කරන icco නැමති ආයතනය ලෝකයේ සෑම රටකටම නිර්දේශ කර ඇති ජත්‍යන්තර වශයෙන් පිළිගත් නීති රීතිවලට අනුවම මෙරට මගීන් සදහාද ගුවන් ගමන් නිකුත් කරන බවද ඔහු කියාසිටියා. වැඩිදුරටත් මේ පිළිබද කරුණු පැහැදිලි කළ මහින්ද ඉද්දවල මහතා පැවසුවා.

 

"ලෝකයේ සිවිල් ගුවන් සේවා නියාමනය කරන ජාත්‍යන්තර ආයතනය වන  icco ආයතනය ලෝකයේ සෑම රටකටම නිර්දේශ කරල තියෙනවා ගුවන් ගමන් බලපත්‍ර සැකසීමේදී සජීවී පෙනුමේ සහ ඡායාරූපයේ මුහුණේ කිසිදු වෙනසක් නොතිබිය යුතුයි කියලා.

 

සමහර රටවල් වල ගුවන් ගමන් අවසන් කර ගුවන් තොටුපළෙන් පිටව යාමේදී දොරටු විවර වෙන්නේ මගියාගේ ඡායාරූපය තහවුරු කිරීමෙන් පසුවයි.කෙසේ නමුත් කාන්තාවන් විසින් මුහුණේ සිදුකර ගනු ලබන වෙනස් කිරීම් නිසා ඇතැම් අවස්ථාවල ඔවුන්ට දොරටු විවර නොවීමේ සිද්ධීන් ද වාර්තා වෙලා තියෙනවා.ඒ වගේම නළලේ තිලක දමමින් ඡායාරූපයේ සිටින කාන්තාවන් ගුවන් ගමන් යාමේදී තිලක නැතිව ගමන් ගෙන තිබෙනවා.ඒ අයටත් මේ සිද්ධියට මුහුණ දීමට සිදුව තිබෙනවා."

views

1106 Views

Comments

arrow-up