ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 4කට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
31

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 4කට කොරෝනා

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 4කට කොරෝනා

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානියකු ඇතුළු සහ එහි සේවයේ යෙදෙන තවත් 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කළ කාර්යාල කාර්ය සහායකවරයකුට වෛරසය ආසාදනය වී ඇති බව පසුගියදා තහවුරු විය.

 

ඔහු ඔක්තෝබර් 16 දා පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට ගොස් ඇති අතර මාළු වෙළෙඳ සංකීර්ණයට ගිය පුද්ගලයන්ට පීසීආර් පරීක්ෂණයකට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කර තිබුනද ඔහු තම ගමන පිලිබඳ තොරතුරු සඟවා කාර්යාලයේ එක් අංශයක රාත්‍රිය ගතකර ඇත.

 

ඒ අනුව ඔහු ඇසුරු කල ආශ්‍රිතයින් වූ රියදුරන් හා කාර්ය මණ්ඩල සහයකයින් ද මේ වනවිට අමාත්‍යංශය තුලම නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වේ.

 

views

850 Views

Comments

arrow-up