නාකොටික් ගබඩාව CIDයෙන් වටලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
09

නාකොටික් ගබඩාව CIDයෙන් වටලයි

නාකොටික් ගබඩාව CIDයෙන් වටලයි

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ ගබඩාව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පරික්ෂාවට ලක්කළා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ ලබාදුන් නියෝගයට අනුවයි.


අත්අඩංගුවට ගත් හෙරොයින්, ජාවාරම්කරුවන්ට විකිණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් නිලධාරීන් ඇතුළු 21 දෙනෙකු රහස් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. 


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධානීන් ඇතුලු නිලධාරීන් පිරිසක් පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල ලබාදී ඇති බවට චෝදනා එල්ල වූ අතර ඊට සම්බන්ධ නිලධාරීන් 15 දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඉන් 12 දෙනෙකු ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


එම ගබඩාවේ නඩු භාණ්ඩ ලෙස තැන්පත් කර ඇති මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තාවක් සම්පාදනය කිරීම මෙම පරීක්ෂාවේ අරමුණයි.


අදාළ නඩු භාණ්ඩවලට මුද්‍රා තබා තිබුණේ ද ? ඒවාට ආගන්තුක ද්‍රව්‍ය මිශ්‍ර කර තිබේද ? එසේ මිශ්‍ර කර තිබෙන්නේ නම් ඒ මොනවාද ? ආදි වශයෙන් කාරණා 6 ක් මත පදනම්ව මෙම පරීක්ෂාව සිදුකිරීමට නියමිතයි.

 

views

580 Views

Comments

arrow-up