ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
11

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම එහි සභාපති කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නිර්මාණය කළ 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවට කථානායකවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ව්‍යවස්ථාදායක සභාවට නිල බලයෙන් පත්ව සිටිති.

 

අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා දිවුරුම්දී ඇති බැවින් ඔහුට රැස් වන ව්‍යවස්ථාදායක සභාවට සහභාගී විය හැකි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ය.

 

නමුත්, එක්සත් ජාතික පක්ෂය විපක්ෂ නායක ලෙස නම් කර ඇති සජිත් ප්‍රේමදාස මහතාට ව්‍යවස්ථාදායක සභා රැස්වීම සඳහා දැනුම් දීමක් සිදු කර නොමැත.

 

ඒ , ඔහු නිල වශයෙන් විපක්‍ෂ නායකවරයා ලෙස පාර්ලිමේන්තුව රැස්වී මෙතෙක් ප‍්‍රකාශයට පත් වී නොතිබීම හේතුවෙනි. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට සිදුවන්නේ විපක්‍ෂ නායකවරයා නොමැතිවයි.

 

ඒ හැර මීට පෙර ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට හා සිවිල් සාමාජිකයන්ට රැස්වීමට සහභාගි වන ලෙස ලිඛිතව දැනුම් දී ඇතැයි සඳහන් ය.

 

views

684 Views

Comments

arrow-up