ජනපති අත්සන හොරට ගැසූ පුද්ගලයෙක් රක්‍ෂිත බන්ධනාගාරයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
04

ජනපති අත්සන හොරට ගැසූ පුද්ගලයෙක් රක්‍ෂිත බන්ධනාගාරයට

ජනපති අත්සන හොරට ගැසූ පුද්ගලයෙක් රක්‍ෂිත බන්ධනාගාරයට

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා කූඨ ලේඛන සකස් කළ සැකකරුවෙකු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

 

වැඩතහනමට ලක් වූ ලංකා බැංකු සේවකයෙකු යළි සේවයේ පිහිටුවීම යන මාතෘකාව යටතේ ජනාධිපතිතුමාගේ ලිපි ශීර්ෂයක එතුමාගේ අත්සන යැයි විශ්වාස කළ හැකි ආකාරයට යොදන ලද අත්සනක් සහිත ලිපියක් පසුගිය 28 වනදා ලංකා බැංකු සභාපතිවරයාට ලැබී තිබුණා.

 

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයි සභාපතිවරයා හමුවීමට පැමිණෙන්නන්ගේ පොරොත්තු ලේඛනයේ සිටි අදාළ පුද්ගලයාට දැනුම් දී තිබුණා.

 

පසුගිය 3 වනදා ඔහු අදාළ ලිපිය සභාපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත ඒ පිළිබඳ කළ දැනුවත් කිරීමන් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගැනුණේ.

 

කුරුණෑගල යම්තම්පලාව සුන්දරාපොළ පිහිටි සැකකරුගේ නිවස පරික්‍ෂා කිරීමේදී ව්‍යාජ ලේඛන සකස් කිරීමට යොදාගත් ලැප්ටොප් පරිගණකය හා පෙන්ඩ්‍රයිව් එකක් සොයා ගත් බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

 

සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 8 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

views

592 Views

Comments

arrow-up