කොරෝනා මැඬලීමට ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට - THE HINDU
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
22

කොරෝනා මැඬලීමට ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට - THE HINDU

කොරෝනා මැඬලීමට ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට - THE HINDU

වැඩිවන කොරෝනා වෛරස් (COVID-19) සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව ඉහළ නැංවීමට රටවලට උපකාර කිරීම සඳහා ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල වෙනම කණ්ඩායම් යෙදවීමට සූදානම් වන බව නිල ආරංචි මාර්ග පවසන බව ද හින්දු වෙබ් අඩවිය සදහන් කරනවා.

 

COVID 19 වෛරස් පරීක්ෂණාගාර පිහිටුවීමට සහ වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දේශීය වෛද්‍ය වෘත්තිකයින් පුහුණු කිරීම සඳහා 14 දෙනෙකුගෙන් යුත් ඉන්දීය හමුදා කණ්ඩායමක් පසුගිය මාසයේ මාලදිවයිනට යවන තිබෙන බවයි සදහන් වන්නේ.

 

දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ කොටසක් ලෙස ඉන්දියාව මේ මස මුලදී 15 දෙනෙකුගෙන් යුත් හමුදා කණ්ඩායමක් කුවේටයට පිටත් කර හැර තිබෙනවා.

 

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා කලාපයේ සියලුම මිත්‍ර රටවලට උදව් කිරීමේ ඉන්දියාවේ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම් සූදානම් වෙමින් සිටින බවයි වාර්තා කර තිබෙන්නේ.

 

සාර්ක් කලාපයේ වසංගතයට එරෙහිව සටන් කිරීමේදී පොදු රාමුවක් සඳහා ඉන්දියාව ද ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවත් මාර්තු 15 වන දින පැවති වීඩියෝ සම්මන්ත්‍රණයකදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සාර්ක් කලාපයේ COVID-19 සමඟ සටන් කිරීම සඳහා ඒකාබද්ධ උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා ඉදිරිපත් වූ අතර ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක මූලික දීමනාවක් සමඟ හදිසි අරමුදලක් යෝජනා කළ බවත් සදහන්.

 

Source : Coronavirus | Indian Army readying teams for Bangladesh, Bhutan, Sri Lanka, Afghanistan

File Image

views

1989 Views

Comments

arrow-up