බස්නාහිර සහ හුදකලා ප්‍රදේශවලත් පාසල් අඛන්ඩව වසා තැබීමේ සූදානමක් නෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
23

බස්නාහිර සහ හුදකලා ප්‍රදේශවලත් පාසල් අඛන්ඩව වසා තැබීමේ සූදානමක් නෑ

බස්නාහිර සහ හුදකලා ප්‍රදේශවලත් පාසල් අඛන්ඩව වසා තැබීමේ සූදානමක් නෑ

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති සෙසු ප්‍රදේශවල පාසල් අඛන්ඩව වසා තැබීමේ සූදානමක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

 

එම ප්‍රදේශවල තත්වය සතිපතා අධීක්ෂණය කර අදාල පාසල් විවෘත කිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.

 

බස්නාහිර පළාතෙන් පිටත පළාත්වල පාසල් අද දින සිට ආරම්භ කල නමුත් මහනුවර ප්‍රදේශයේ පාසල් කිහිපයක්ද අද දිනයේ විවෘත නොකළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පවසනවා.

 

මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා පැවසූවේ මහනුවර නගර සභා සීමාවේ කොරෝනා ආසාධිතයන් හදුනාගත් මහයියාව සහ අකුරණ ප්‍රදේශවල පාසල් කිහිපයක් සහ හැටන් ප්‍රදේශයේ පාසල් කිහිපයක්ද අද දිනයේ ආරම්භ නොකිරීමට දැන්වූ බවයි.

 

06 ශ්‍රේණියේ සිට 13 දක්වා ශ්‍රේණිවල තුන්වන වාරයේ අධ්‍යයන කටයුතු සඳහා පාසල් යළි විවෘත කෙරුණු අද දිනයේ බරපතල ගැටලු ගණනාවක් පාසල් පද්ධතිය තුල නිර්මාණය වී තිබු බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

 

එහි සභාපති උපුල් රෝහණ මහතා පුත්තලම ප්‍රදේශයේදි මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ අද සිසුන් හා ආචාර්ය මණ්ඩලය පාසල් වෙත පැමිණිමද ඉතා අවම මට්ටමක පැවති බවයි.

 

අද වාර්තා වු පැමිණිලි විමර්ශණය කර ඊට අදාල නිර්දේශ හෙට පාසල් වෙත ලබාදෙන බවද උපුල් රෝහණ මහතා අවධාරණය කළා.

 

views

628 Views

Comments

arrow-up