බුස්ස බන්ධනාගාර නිලධාරීන්ට පුහුණුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
21

බුස්ස බන්ධනාගාර නිලධාරීන්ට පුහුණුවක්

බුස්ස බන්ධනාගාර නිලධාරීන්ට පුහුණුවක්

බරපතල ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදියර කිහිපයක් යටතේ පුහුණුවක් ලබාදීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

 

නිලධාරීන් 120 දෙනෙකු පමණ බූස්ස බන්ධනාගාරයේ සේවය කරන අතර එම නිලධාරීන්ට දින 2 ක පුහුණුවක් කාණ්ඩ 4 ක් යටතේ එම බන්ධනාගාරයේදීම ලබාදීමට නියමිතයි.

 

ඒ අනුව පළමු කාණ්ඩයේ නිලධාරීන්ට ලබාදෙන පුහුණුව අද දිනයේදී ආරම්භ වන බවයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.

 

දරුණු ඝණයේ අපරාධකරුවන් 50 කට අධික පිරිසක් මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ වෙන වෙනම සිර මැදිරිවල රඳවා සිටී.

 

 

එම පිරිසට ආරක්ෂාව සැපයිය යුතු ආකාරය පිළිබඳ පුහුණුවක් හා පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ට ලබා දී ඇති පුහුණුව මෙහිදී බන්ධනාගාර නිලධාරීන්ට ද ලබාදීමට නියමිතයි.

 

කොළඹ බන්ධනාගාරවල රඳවා සිටි විශේෂ ඝණයේ අපරාධකරුවන් 10 දෙනෙකු ඉකුත් සතියේදී බූස්ස බන්ධනාගාරයට මාරු කෙරුණා.

 

එවැනි තවත් පිරිසක් ඉදිරි කාලයේදී බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට ද නියමිතයි.

views

725 Views

Comments

arrow-up