දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් - පළාත් කීපයකට මි.මි.100 ඉක්මවූ වැසි

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වලද තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, දිවයිනට උතුරු, නැගෙනහිර, ගිනිකොණ සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට තද වැසි ඇතිවිය හැක.
කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ සිට නැගෙනහිර දක්වා වූ දිශාවලින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක. බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විටතරමක් රළු විය හැක.
සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළුවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
763 Views
Comments