නාවික සෙබළුන්ට කොරෝනා වැළඳී ඇති ආකාරය හෙලිවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
24

නාවික සෙබළුන්ට කොරෝනා වැළඳී ඇති ආකාරය හෙලිවෙයි

නාවික සෙබළුන්ට කොරෝනා වැළඳී ඇති ආකාරය හෙලිවෙයි

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට කොරෝනා වෛරසය වැළඳී ඇත්තේ ජා ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයින් නිරෝධානය කිරීමේ රාජකාරිවල නිරත වී සිටියදී බව තහවුරු වී ඇතැයි හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

"ප්‍රථමයෙන් ආසාදනයට ලක්වූ එම නාවික නැවියා ඇතුළු 30 දෙනෙකු කොවිඩ් 19 ආසාදනයට ලක්වී ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා. ඊයේ දිනයේදීම නාවික හමුදාපතිතුමා විසින් වැලිසර නාවික හමුදා කඳවුර හුදෙකලා කඳවුරක් බවට පත්කරනු ලැබුවා.

 

ඒ අනුව මෙම නාවික හමුදා නැවියාට, ඔහු වාසය කරන ලද එම ගොඩනැඟිල්ලේ සිටින අනෙකුත් නාවික භටයකුගෙන් ආසාදනයට ලක්වී ඇති බව තහවුරු වන අතර එම භටයා ඇතුළු අනෙකුත් පිරිස පසුගිය දිනවලදී විශේෂයෙන්ම සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වී සිටි, ආසාදනයට ලක්වූ, එම සුදුවැල්ල ප්‍රදේශයෙන් සොයාගත් පිරිස නිරෝධායනයට ලක්කිරීම සඳහා එම ප්‍රදේශයට ගොස් රාජකාරි කරමින් සිටින අවස්ථාවේදී මෙම නාවික නැවියන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව මේ වනවිටත් තහවුරු වී තිබෙනවා. 

 

මේ අනුව වැලිසර කඳවුරේ සිටින සියලුම පිරිස නිරෝධායනයට ලක් කරමින් එම කඳවුරේ නිවාඩු ගොස් සිටින පිරිස වහාම ගෙන්වාගෙන ඔවුන් ද PCR පරීක්ෂණයට ලක්කිරීමටත් මේ වනවිටත් කටයුතු කරලා තිබෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

 

හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (23) රාත්‍රියේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි. 

views

1184 Views

Comments

arrow-up