ආසාදිතයින් හඳුනාගැනීමේ ක්‍රමවේදයන් යලි පරික්‍ෂා කර යාවත්කාලීන කළ යුතුයි - යුද හමුදාපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
26

ආසාදිතයින් හඳුනාගැනීමේ ක්‍රමවේදයන් යලි පරික්‍ෂා කර යාවත්කාලීන කළ යුතුයි - යුද හමුදාපති

ආසාදිතයින් හඳුනාගැනීමේ ක්‍රමවේදයන් යලි පරික්‍ෂා කර යාවත්කාලීන කළ යුතුයි - යුද හමුදාපති

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඊයේ (25)  පැවැති විශේෂ සාකච්ඡාවකදී වෛරසය ආසාදනය වු නව ආසාදිතයින් හඳුනාගැනිම, නිරෝධායන ක්‍රියාවලිය, පළමු, දෙවන හා තෙවන ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම, වෛරසය ආසාදනය වු පුද්ගලයින් රෝහල් වෙත ඇතුලත් කිරීම, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සිදුකරනු ලබන කාර්යභාර්ය සහ වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳ පුළුල් ලෙස අවධානය යොමු කරමින් සාකච්ඡා කෙරිණි.

 

මෙම සාකච්ඡාව නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් සංජීව මුණසිංහ, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන්, කාර්යසාධක බලකායේ සාමාජිකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

 

සාකච්ඡාව ආරම්භයේදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෛරසය ආසාදනය වු නව පොකුරු හඳුනාගැනීමත් සමඟ ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යන බව සවිස්තරාත්මකව පැහැදිලි කළේය.

 

 

තවද, දිස්ත්‍රික් මට්ටමින් වැඩි වශයෙන් වෛරසය ආසාදිත පුද්ගලයින් වාර්තාවීමත් සමඟ ඔවුන් ඇසුරු කළ පළමු හා දෙවන ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කළ අතර රට පුරා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා නිසි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් තවදුරටත් පිළිපැදීම හා නව ක්‍රමවේද අනුගමනය කළයුතු බැව් මෙහිදී පෙන්වා දෙන ලද අතර ඒ පිළිබඳ ඉතා ගැඹුරින් සාකච්ඡා කෙරිණි.

 

වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් හදුනාගැනීම සඳහා බුද්ධි අංශය, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ සමඟ සම්බන්ධතාවයෙන් සිදුකරනු ලබන උපායමාර්ගක ක්‍රමවේද තුළින් උපරිම ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකි බව වඩාත් හහවුරු වන බව මෙහිදී සාකච්ඡා කෙරිණි. එහිදී, හමුදාවන් හා සෞඛ්‍ය අංශයන්හී සහයෝගය තවදුරටත් නවීන ක්‍රමවේද තුලින් ප්‍රවේශ කළයුතු බැව් වැඩිදුරටත් සාකච්ඡා විය.

 

තවද, මෙම සාකච්ඡාවේදී, රටපුරා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ ඇතිවන හදිසි තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගෙන වඩාත් සුදුසු උපායමාර්ගික යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි සෑම අවස්ථාවකම සියලු පාර්ශවකරුවන් එක්ව සාකච්ඡා පැවැත්වීය යුතු බව මෙහිදී සාකච්ඡා කරන ලදී.

 

Source : army.lk

views

708 Views

Comments

arrow-up