"මම කොටු වෙනවා නෙමෙයි.. මාව කොටු කරනවා.." උදය කුමාරි කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

"මම කොටු වෙනවා නෙමෙයි.. මාව කොටු කරනවා.." උදය කුමාරි කියයි

"මම කොටු වෙනවා නෙමෙයි.. මාව කොටු කරනවා.." උදය කුමාරි කියයි

මම රංගනයෙන් දායක වන ටෙලිනාට්‍ය දෙකක් මේ දිනවල විකාශනය වෙනවා.  අලුතින් බාරගත්ත
වැඩ හෝ රූගත කිරීම් තවම නැහැ. කොරෝනා දෙවැනි රැල්ල සමඟ සමහර දේ අතරමග නතර වුණා

 

 

කට සැර නපුරු චරිතවලටම ඔබ කොටුවන්නේ ඇයි කුමාරි?


මම කොටුවෙනවා නෙමෙයි. මාව කොටු කරනවා කිව්වොත් තමා ඔබේ ප්‍රශ්නයට හරියටම හරියන උත්තර
ලැබෙන්නේ.

 

 

එය සතුටින් බාරගන්න නිසා නෙමෙයිද ඔබව එතැනට කොටුවෙන්නේ?


බාර නොගෙන මොනවා කරන්නද? චරිත තෝරා බේරාගන්නට තරම් ශ්‍රී ලාංකේය රංගන කලාව පොහොසත්
නැහැ. අනේ නපුරු චරිත කරන්න බැහැ කියලා මම කිව්වොත් ඔවුන් මට වෙනත් චරිතයක් දෙන්න තරම් මම
‘හිට්’ කෙනෙක් නෙමෙයි. ලැබෙන චරිතය කරන කලාවක් තුළ තමයි අද රංගන කලාව දිව යන්නේ.

 

 

ඔබ ඒ ගැන පසුතැවෙනවද කුමාරි?


අනේ නැහැ. ඇයි මම පසුතැවෙන්නේ. මට ලැබෙන චරිතය හරියට කරන එක තමයි මගේ සතුට. ඒ වගේම
මම එය හරියටම කළා. කටකාර සැර පරුෂ චරිත මම සාර්ථකව කළ නිසා තමයි මම එතැනට කොටවුණේ.
මඟතොටේදී කිසිවකු ළඟට පැමිණ ‘ඔයා උදය කුමාරි නේද?’ කියලා අහන තැනක මම අදටත් ඉන්නෙ ඒ නිසයි.

 

 

‘අගය’ යනුවෙන් ඔබ අදහස් කළේ සම්මාන ප්‍රදානයක් ගැනද?


අයියෝ නෑ. සම්මානයක් හමුනොවුණාය කියා මම කවදාවත් පසුතැවෙන්නේ නැහැ. අනික මට වඩා බොහෝ
දක්ෂ රංගවේදීන් තව කොයි තරම් ඉන්නවද සම්මානයට පාත්‍ර නොවුණු. ඉතින් අනේ මට සම්මානයක්
නොලැබීම ගැන මම මොනවට දුක් වෙනවද?

 

 

එහෙනම් අගය කිරීමක් නොවුණා යැයි ඔබ අදහස් කළ කාරණය කුමක්ද?


මම කීවේ එම චරිත නිරූපණයෙන් පසුවවත් මගේ රංගන හැකියාව ගැන කිසිදුම නිර්මාණකරුවකු තේරුම්
නොගැනීම ගැන මම පසුතැවෙන බවයි. ඇත්තෙන්ම මම හිතුවේ කටකාර නැහැදුණු චරිත තුළින් මිදෙන්නට මට
ඒ අවස්ථාව ලැබුණු බවයි. හොඳ චරිතයක් සඳහා හොඳ නිර්මාණ කරුවකු මට ආරාධනය කරනතුරු මම යම්
අහිංසක බලාපොරොත්තුවක සිටියා. නමුත් ඒ අගය කිරීම මට ලැබුණේ නැහැ. අඩුම ගනේ ‘කටකාර කුමාරි
බෙස්ට්’ කියාවත් ඔවුන් මට කීවේ නැහැ.

 

 

එයට හේතුව කුමක් කියාද කුමාරි ඔබ හිතන්නේ?


කිව්වාට අමනාප වෙන්න එපා. පැහැදිලිවම එතැන ඇත්තේ කුහකකම. මා තුළ සිටින දක්ෂ නිළියව
මතුකරලන්නට ඔවුන් දක්වන අකමැත්ත තුළ තිබෙන්නේ එයයි. හැබැයි කොයි තරම් කනගාටු වුණත් උදය කුමාරි
රණසිංහ ලෙස මම මට ලැබෙන උපහාසමය හෝ ප්‍රහර්සනමය හැකියාව තුළ මගේ රංගනය කැප කළා
මිස හොඳ චරිතයක් දෙන්න කියා ඔවුන් පසුපස නම් ගියේ නැති බවද කිව යුතුයි.

 

 

වේදිකාව තුළවත් ඔබට ඒ අගය කිරීම ලැබුණේ නැද්ද කුමාරි?


මෙහෙමයි. වේදිකාව කියන්නේ අඩු මට්ටමක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙන මාධ්‍යයක්. වේදිකා
නාට්‍යය බලන්නට එන පිරිස පවා කොයි තරම් අඩුයිද? ටෙලි තිරය කියන්නේ එක රැයින්ම මාගේ
බොහොමයක් වූ ප්‍රේක්ෂක පිරිසක් ඇතිකර ගත හැකි තැනක්. මට ඕනෑ වුණේ අන්න ඒ තැනදි කටකාර චරිත
රඟපානවට වඩා යමක් මට කළ හැකිය කියන කාරණය ඔප්පු කරන්නටයි.

 

 

ඔබ ඔය කියන්නේ නිළියක ලෙස ඔබ ගැන සෑහීමකට පත්ව නැති බවද?


වරදවා තේරුම් ගන්න එපා. මම නිළියක ලෙස අතිශයින්ම තෘප්තිමත්. මට ලැබුණු චරිතය කොයික වුවද මම
එය හරියටම කළා. අන්න ‘කෝපිකඬේ උදය කුමාරි’ යනවා කියා මම පාඩුවේ යන්න හැදුවත්
ප්‍රේක්ෂකයන් තව කෙනකුට කියනකොට මට දැනෙන සතුට අප්‍රමාණයි. අන්න ඒ සතුට තුළ ඉහත පැවසූ
කනගාටුදායක සිදුවීම් මම අමතක කරනවා.

 

 

තවමත් ඔබ කවුරුන් හෝ හොඳ නිර්මාණකරුවකු ඔබේ අගය වටහාගන්නාතුරු බලා සිටිනවාද?


බලා සිටින්නේ නැහැ. අවස්ථාවක් පැමිණියහොත් ඉතා සතුටින් භාරගන්නවා.

 

 

රංගනවේදියක ලෙස ඔබ තුළ වන බලාපොරොත්තු එපමණද?


මහලු වියට පත් කාන්තාවක ලෙස හොඳ චරිත නිර්මාණයක යෙදෙන්න කැමැත්තෙන් සිටිනවා.

 

 

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

 

Source :- Hiru Gossip

 

views

283 Views

Comments

arrow-up