නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කරන වනුෂි

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාවක් නොලැබුණ ද ලොව පුරා රටවල් වල ලංකාවේ සම්භවයක් ඇති පුද්ගලයන් රාශියක් එම රටවල් වල පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලබා තිබෙනවා. ලංකාවේ උපත ලැබූ නවසීලන්ත පුරවැසිභාවය හිමි තරුණියක වන වනුෂි වෝල්ටර්ස් නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති බව වාර්තා වෙනවා.
ඒ පසුගියදා පැවැති නවසීලන්ත මහ මැතිවරණ ප්‍රතිඵල වලට අනුවයි. වනුෂි මැතිවරණයට ඉදිරිපත් වූයේ, නවසීලන්ත අගමැතිනී ජසෙන්ඩා එඩන්ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂය නියෝජනය කරමින්. මෙම මහ මැතිවරණයෙන් අගමැතිනී ජසෙන්ඩා එඩන්ගේ කම්කරු පක්ෂය අති විශිෂ්ට බහුතර බලයක් දිනා ගත්තේ නවසීලන්ත දේශපාලන ඉතිහාසයේ පෙරැළියක් සිදුකරමින්. 1993 වසරේ නවසීලන්ත මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමෙන් පසු, එරට කිසිදු පක්ෂයකට කිසිදු මැතිවරණයකදී බහුතර බලය හිමි වී නැත. නමුත් පසුගිය 17 දින පැවැති මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය සිය බහුතර බලය තහවුරු කර ගත්තේ ආසන 64 ක් ජයග්‍රහණය කරමින්. නවසීලන්ත පාර්ලිමේන්තුව ආසන 120 කට හිමිකම් කියනවා. මෙම ජයග්‍රහණය සඳහා නවසීලන්තයේ කොවිඩ් 19 වසංගත මර්ධනයට එරට අගමැතිවරිය ගත් සාර්ථක උත්සාහයද හේතු වී ඇති බව වාර්තා වෙනවා.
ජයග්‍රාහී පක්ෂයෙන් පාර්ලිමේන්තුවේ ආසනයක් හිමිකරගත් ශ්‍රී ලංකාවේ උපත ලැබූ වනුෂි වෝල්ටර්ස්, නවසීලන්තයට සංක්‍රමණය වෙද්දී ඇගේ වයස අවුරුදු 5 කි. අද වන විට 39 හැවිරිදි ඇය, මානව හිමිකම් පිළිබඳ නීතිඥවරියක සහ සමාගම් කළමනාකාරිනියක ලෙස රැකියාවේ නිරතවෙනවා. වනුෂි වසර 6 ක් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ, විදෙස් නියෝජිතවරියක ලෙස ද කටයුතු කරතිබෙනවා. ඇය නීතීඥවරියක වූයේ ජාත්‍යන්තර අත්දැකීම් රැසක් සමගිනි.
වනුෂි මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ, නවසීලන්තයේ වයඹ දිග ඕක්ලන්ඩ් අපර් හාබර් ඡන්ද කොට්ඨාශය නියෝජනය කරමින්. වනුෂි සැමවිටම ඇය පදිංචි අපර් හාබර් ගැන කතා කරන්නේ මහත් ආඩම්බරයකිනි.
විදේශ සම්භවයක් සහිත නවසීලන්ත වැසියෝ බොහෝ දෙනෙක් අපර් හාබර් නිවහන කරගෙන ජීවත් වෙනවා. වනුෂි වෝල්ටර්ස්, අපර් හාබර් වැසියන්ගේ ආදරයටත් ගෞරවයටත් ප්‍රාත වූ තැනැත්තියකි. පසුගිය කාලයේ සාධාරණ අයුරින් රැකියා බෙදී යෑම, රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරීම, කොවිච් 19 වසංගතය හමුවේ රැකියා අර්බුදයට ලක් වුණු පුද්ගලයන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කර දීමට මැදිහත් වීම ආදී සමාජ සේවා කටයුතු රැසකට වනුෂි මැදිහත් වූවාය.
වනුෂිගේ සැමියා රේස් වන අතර ඔහු නෝ ෂෝ පළාතේ පදිංචිකරුවෙකි. එමනිසා නෝරත් ෂෝ වැසියන් අතරේ ද වනුෂි කැපී පෙනෙන චරිතයක් බව පැවැසෙයි. වනුෂි එලියට්, ලූකා සහ සාෂා නමැති පුතුන් තිදෙනකුගේ මවකි. ඇය ලත් අත්දැකීමක් හා එරට සිදුකරන සමාජ මෙහෙවර නිසා ඇගේ දේශපාලන ගමන ඉදිරියේදී වඩාත් ශක්තිමත් වනු ඇත.
294 Views
Comments