"කොරෝනා පලමු රැල්ලෙ කරපු දේවල් තත්වය සාමාන්‍ය වෙද්දී අමතක කලා" - අංජුලා රාජපක්ෂ

අංජුලා රාජපක්ෂ කියන්නේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන්නේ නැති ඉදහිට දකින්න ලැබුණත් ඒ නිර්මාණ
ඔස්සේ ජනතාවට සමීප වෙන චරිතයක්. විවාහයත් එක්ක නිහඬ ජිවිතයක් ගත කරන අංජුලා කොරෝනා ගැන
කියන්නේ මෙහෙමයි.
කොරෝනා වයිරසය මුළු ලෝකයටම දරුණු විදිහට බලපාලා තියෙනවා. කලාකරුවන් කියන්නේ මාසික පඩියක්
ලැබෙන පිරිසක් නෙමෙයි. ඒ නිසා මේ වගේ අවස්ථාවලදී කලාකරුවන් ආර්ථික වශයෙන් කඩාගෙන
වැටෙනවා. ඉදිරියේදී මොනවගේ දෙයක් වෙයිද කියලා අපිට කියන්න බැහැ. රජයක් විදිහට ඔවුන්
කොරෝනා මර්දනය කරන්න උපරිම උත්සාහ කළා. ඒ වගේම හැමෝටම සහන ලබාදෙන්න මේ වෙලාවේ
රජයට අපහසුයි. නමුත් රජය විසින් කලාකරුවන්ට ණයක් ලබාදුන්නා. පෞද්ගලිකව මම ඒකට අයදුම කළේ
නැහැ. අපිට හැමදේම රජයෙන් බලාපොරොත්තු වෙන්නත් බැහැ.
මේ වෙලාවේ හොඳම දේ සාමාන්‍ය ජීවන රටාවෙන් මිදිලා ඉතාම සරල ජීවන රටාවකට අනුගත වීමයි.
විදුලිය, ආහාර, මුදල් වගේ දේවල් ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන්න ඕනේ. කොරෝනා පළමු රැල්ලේදී
ගොඩක් දෙනා එළවළු, පැළ වර්ග වගා කළා. ඒත් තත්ත්වය සාමාන්‍ය වෙනකොට හැමදේම අමතක
කළා. අපි කාටවත් අපේ වගකීම් පටවන්න ඕනේ නැහැ. පුළුවන් විදිහට නැඟිටිමු කියලා තමයි මම
කියන්නේ. ඒ වගේම යමක් වැඩිපුර තියෙනවා නම් අවශ්‍ය අයට ලබාදීම ජීවිත කාලයටම ඉතාම හොඳ
පුරුද්දක්. මේ වගේ වෙලාවක අනිත් අයට උපකාර කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන් නම් ඒක ඉතා වටිනා දෙයක්.
365 Views
Comments