MAY
04
කොවිඩ්19 බලපෑමෙන් රටවල් 66කින් ලංකාව 61ට

කොවිඩ්19 ආර්ථික බලපෑම සම්බන්ධයෙන් ලෝක ප්‍රකට ‘ ද ඉකොනොමිස්ට් ‘ සඟරාව කළ ශ්‍රේණි ගත කිරීමට අනුව ලංකාව රටවල් 66කින් 61 වැනි තැනට පත්ව තිබේ.
නැගී එන ආර්ථිකයන් හිමි රටවල් 66ක ආර්ථික මට්ටම් මෙහිදී විශ්ලේෂණය කර ඇති අතර රාජ්‍ය ණය, විදෙස් ණය, ණය ගැනීමේ හැකියාව හා සංචිත ආරක්ෂණය යන අංග යටතේ මෙම සලකා බැලීම කර තිබෙනවා.
අදාල සටහනේ තවත් සාක් රටවල් කිහිපයක්ම දක්නට ඇති අතර බංග්ලාදේශය ,ඉන්දියාව ,පාකිස්තානය වැනි රටවල් ලංකාවට ඉහලින් ශ්‍රේණි ගතකර තිබෙනවා.
සලකා බලන රටවල් වලින් වඩාත් හොඳින් පසු කොවිඩ්19 යුගයට මුහුණ දිය හැකි රට ලෙස දක්වන්නේ බොට්ස්වානා රාජ්‍යයි.
372 Views
Comments