විදෙස් ශ්‍රමිකයන් මෙරටට මුදල් එවීම සැලකිය යුතු ලෙස අඩු වෙයි

විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 50%කින් පමණ පහළ ගොස් ඇති බව මහබැංකුව නිවේදනය කරනවා.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයන් ඇමරිකානු ඩොලර් මිලියන 703ක් මෙරටට එවා ඇති නමුත් මේ වසරේ එම අගය දැක්වෙන්නේ ඩොලර් මිලියන 353ක් ලෙසයි.
2021 වසරේ ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පසුගිය වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 4,577ක් දක්වා 9.3%කින් පහත බැස තිබෙනවා.
කෙසේ නමුත් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ සැප්තැම්බර් මාසයේ රැකියා සදහා විදේශගත වූ පිරිස 12,274ක් දක්වා 38.6%කින් වර්ධනය වී තිබෙනවා.
715 Views
Comments