කොටස් වෙළෙඳපොළ මිනිත්තු 30කට නවතී
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
12

කොටස් වෙළෙඳපොළ මිනිත්තු 30කට නවතී

කොටස් වෙළෙඳපොළ මිනිත්තු 30කට නවතී

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (12) පෙරවරුවේ මිනිත්තු 30ක කාලයකට අත්හිටුවා ඇත.

 


අද පෙරවරු 11.47 සිට දහවල් 12.17 දක්වා මිනිත්තු 30ක කාලයක් සාමාන්‍ය ගනුදෙනු සිදු වි නැති බව වාර්තා වෙයි.

 


මීට හේතු වී ඇත්තේ S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනය සාපේක්ෂව 5%ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ යාමයි.

 


ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා වැටී තිබේ.

 


දිනය තුළ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ ගියහොත් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතිය ස්වයංක්‍රීයවම මිනිත්තු 30 ක කාලයක් සඳහා අඩාල වනු ඇති.

 

views

244 Views

Comments

arrow-up