AUG
30
වසර 2කට ප්‍රමාණවත් වාහන රට තුළ තිබියදීත් ලක්ෂ 30කින් වාහන මිල වැඩි කරලා!
වසර දෙකකට ප්‍රමාණවත් තරම් රට තුළට වාහන ආනයනය කර ඇති බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පැවසීමත් සමග වාහන අලෙවි ව්‍යාපාරිකයින් සෑම වාහනයක්ම ලක්ෂ 5 සිට ලක්ෂ 30 දක්වා වැඩි කර ඇති බව වාර්තා වේ. ආනයනය තහනම් කර ඇති නිසා දැනට වාහන තොග ඇති ව්‍යාපාරිකයන්ට එම වාහන සඟවා මිල ගණන් කෘත්‍රිමව ඉහළ දමා ඇත.
මීට පෙර ලක්ෂ 60-70 අලෙවි කළ වාහන ලක්ෂ 90-110 අතර මිලකට ඉහළ දමා තිබේ. කලින් අලෙවි කළේද ලාභයක් සහිතව බැවින් අලුතෙන් වැඩි කළ මිල අධි ශුද්ධ ලාභයක් බව සෙසු වාහන අලෙවිකරුවන් පවසයි.
එබැවින් දැනට මෙරටට ආනයනය කර අලෙවි නොකර ඇති වාහන සම්බන්ධයෙන් වහාම සංගණනයක් කරන ලෙසට එම ව්‍යාපරිකයන් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි.
2439 Views
Comments