අනුරාධපුර යුගයේ ඉදිවූ ලෝවාමහාපාය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
07

අනුරාධපුර යුගයේ ඉදිවූ ලෝවාමහාපාය

අනුරාධපුර යුගයේ ඉදිවූ ලෝවාමහාපාය

ලංකාව පුරා සංචාරයේ යෙදෙන සහ වන්දනාවේ යෙදෙන පිරිස් අතර ඇති මාත් වන්දනීය පූජනීය ස්ථානයක් තමයි අනුරාධපුරය කියන්නේ. එහි සුවිශේෂී ස්ථාන රාශියක් බෞද්ධයන් වන අපටත් සංචාරකයන් වන ඕනෑම කෙනෙකුටත් දැකගත හැකි වෙනවා. ඒ අතර ලෝවාමහාපාය කියන්නේ ප්‍රසිද්ධ ස්ථානයක්.
අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට උතුරින් පිහිටි ගල් කණු 40 බැගින් පේළි 40 තිබෙන ස්ථානයේ ලෝවාමහාපාය පිහිටලා තියෙනවා. මෙහි එක ගල් කණුවක් අඩි 12ක් පමණ උසින් යුක්ත වෙනවා. මෙම ගොඩනැගිල්ල මහල් නවයකින් යුක්ත වන අතර මෙහි නිර්මාතෲවරයා ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු පූර්ව 161- 137 දක්වා මෙරට පාලනය කළ දුටුගැමුණු රජතුමායි. මෙහි වහලයට සෙවිලි කළ උළු කැට ලෝහයෙන් තැනූ නිසා එයට ලෝහ ප්‍රාසාදය යන නම ලැබුණා. පසුව ලෝවාමහාප්‍රාසාදය යනුවෙන් ප්‍රසිද්ධ වූ අතර බුදුන්ගේ ස්පර්ශය ලැබූ ස්ථානයක් ලෙසත් මහ රහතුන් වහන්සේලා දස දහස් ගණනක් වැඩසිටි ස්ථානයක් ලෙසත් එය සැලකෙනවා.

උපෝසථාගාර අතරින් ඉතාම කලාත්මක හා විශාලතම නිර්මාණය වන්නේ ලෝවාමහාප්‍රාසාදයයි. මිහිදු හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ දේවානම්පියතිස්ස රජු විසින් තනවන ලද පොහොය ගෙයක් වන මෙය වැඩි දියුණු කර අද ඇති තත්වයට ගෙන ඇත්තේ දුටුගැමුණු රජතුමා විසින්. සිය සොහොයුරු සද්ධාතිස්ස රජතුමාගේ රාජ්‍ය කාලයේ දී මෙම ගොඩනැගිල්ල ගින්නෙන් විනාශ වී තියෙනවා. පලවන සේන රජතුමාගේ අධිරාජ කාලෙදී වරින් වර ඇති පාණ්ඩ්‍ය ආක්‍රමණ නිසා මෙම විහාරයේ විනාශයට පත්ව ගොස් තිබුණා. විහාරය ගොඩනැංවීමේදී වටිනා රන් රිදී මුතු මැණික් ආදී නිදාන වස්තු ලෙස තැන්පත් කර තිබුණා. එම වටිනා වස්තූන් කොල්ලකෑම පිණිස පාණ්ඩ්‍ය සේනා ලෝවාමහාපාය බිඳ දැමීම මේ කාලයේදී සිදුවූ විශේෂ සිදුවීමක්.

 

 

 


පලවන සේන රජුට පසුව පැමිණි එකොළොස් වන සේන රජතුමා විසින් මෙම විහාරස්ථානය නැවත ප්‍රතිසංස්කරණය කොට රන්මුවා ප්‍රතිමාවක් මෙහි තැන්පත් කළ බව වංශකතා වල සඳහන් වෙනවා. 10 වන ශත වර්ෂයේදී නැවත හටගත් චෝල ආක්‍රමණ නිසා ලොවාමහපාය විනාශයට පත්වුණා. පළවන පරාක්‍රමබාහු රජතුමා විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කරනු ලැබූ අතර අද පවා දක්නට ලැබෙන්නේ එතුමා විසින් ගොඩනංවන ලද ලෝවාමහාපාය නටබුන්. භික්ෂු ආරාමයක් ලෙසත් උපෝසථාගාරයක් හා ධර්මශාලාවක් වශයෙන් ද වශයෙන්ද ලෝවාමහාපාය මහා විහාරයට අයත් භාණ්ඩාගාරයක් වශයෙන්ද භාවිතා කළ බව කනිෂ්ඨතිස්ස රජතුමාගේ ශිලා ලේඛනයකින් පැහැදිලි වෙනවා.
කොහොම වෙතත් අනුරාධපුරයේ සංචාරයේ යෙදෙන කෙනෙක් සහ එහි වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන් ලොවාමහපාය දැක ගැනීමට අමතක නොකරන්නේ එහි ඇති විශ්මිත නිර්මාණශීලීත්වය නිසාමයි.

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

1268 Views

Comments

arrow-up