විද්‍යාත්මක හේතු - 01
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

විද්‍යාත්මක හේතු - 01

විද්‍යාත්මක හේතු - 01

අධ්‍යාපනය ලබනා සෑම දුවා දරුවෙකුටම අපි විද්‍යාත්මක හේතූන් පැහැදිලි කර දෙන්නට සිතුවා. විශේෂයෙන්ම විද්‍යා විෂය හැදෑරීමේදී ඇති වන ගැටළු මෙයින් මග හරවා ගත හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.
 

FACT 1: අහස් කූරක දුම් පිටවන දිශාවට විරුද්ධ දිශාවට එය ගමන් කරන්නේ, අහස් කූරෙන් දුම් පිටවන විට එම දුම් මගින් අහස් කූර මත යොදන ප්‍රතිවිරුද්ධ බලය හේතුවෙනි.

FACT 1: එකිනෙකට සමාන්තර දුම්රිය මාර්ග දෙකක එකම දිශාවට එකම වේගයකින් දුම්රිය දෙකක් ගමන් කරන විට, එක් දුම්රියක සිටින මගියෙකුට අනෙක් දුම්රිය නැවතී ඇති ලෙස පෙනෙන්නේ, එක් දුම්රියක වේගයට සාපේක්ෂව අනෙක් දුම්රියේ වේගය ශූන්‍ය වීම නිසාවෙනි.

FACT 1:  සාමාන්‍ය ගල් තුනක ලිපක් කාර්යක්ෂම ලිපක් නොවන්නේ, දර දැවෙන විට විශාල තාප ප්‍රමාණයක් අපතේ යන හෙයිනි.

FACT 2: ධීවරයින් රාත්‍රියේදී මුහුදු යන්නේ, රාත්‍රී කාලයේදී ඇති වන ගොඩ සුළං නිසා මුහුදට ඔරු පැදගෙන යාම පහසු නිසාවෙනි.

FACT 3: මැටි භාජනයක ඇති ජලය, ඇළුමිනියම් භාජනයක ඇති ජලයට වඩා සිසිල්ය. එයට හේතුව වන්නේ, මැටි භාජනය සවිවරය ( කුඩා සිදුරු සහිතය ) එම සිදුරු තුළින් ජලය කාන්දු වන අතර ජලය වාෂ්ප වේ. එමගින් ජලය සිසිල් වේ. එහෙත් ඇළුමිනියම් භාජනයක එසේ සිදු නොවේ.

FACT 4: උෂ්ණ කලාපීය රටවල වැසියන්ට වඩාත් සුදුසු වන්නේ සුදු ඇදුම්‍ ය, ඒ සුදු ඇදුම් මගින් තාපය උරා ගන්නේ අඩුවෙන් අතර වැඩි ප්‍රමාණයක් පරාවර්තනය කෙරේ. එ නිසා සුදු ඇදුම් ඇදීමෙන් වැඩි උණුසුමක් නොදැනෙයි.

FACT 5: ජලයේ බහා එළවළු තැම්බීමට වඩා හුමාලයෙන් තැම්බීම යෝග්‍ය වන්නේ, උණු ජලයට වඩා විශාල තාපයක් හුමාලයේ අඩංගු වන නිසා හුමාලයෙන් තම්බන විට එළවළු වල ඇති පෝෂ්‍ය කොටස් සංරක්ෂණය වීමද සිදු වේ.

FACT 6: පෙට්‍රල් වහා ගිනි ඇවිලෙන සුළු වුවද, පොල්තෙල් එසේ නොවේ. එයට හේතුව වන්නේ පෙට්‍රල් වල ජ්වලන උෂ්ණත්වය පොල්තෙල් වල ජ්වලන උෂ්ණත්වයට වඩා අඩු නිසයි.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1340 Views

Comments

arrow-up