එකසත් රාජධානියේ ව්‍යාපාර වලට වන විනාශයෙන් තොර බවට සහතිකයක් ඉදිරියේදී අවශ්‍ය වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

එකසත් රාජධානියේ ව්‍යාපාර වලට වන විනාශයෙන් තොර බවට සහතිකයක් ඉදිරියේදී අවශ්‍ය වේ

එකසත් රාජධානියේ ව්‍යාපාර වලට වන විනාශයෙන් තොර බවට සහතිකයක් ඉදිරියේදී අවශ්‍ය වේ

රට තුළ සියළු සැපයුම් දාමයන් නිසා සිදුවන වන විනාශය මැඩපැවැත්වීම සඳහා නව එක්සත් රාජධානිය නව නීති පනවා තිබේ. ඒ අනුව රජයේ සැලසුම් යටතේ එක්සත් රාජධානියේ ව්‍යාපාරවලට ඔවුන්ගේ නිෂ්පාදන සහ සැපයුම් මාර්ග නීති විරෝධී වන විනාශයෙන් නිදහස් බව පෙන්වීමට සිදුවනු ඇත. මෙම යෝජිත නීතියට අනුව එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන විශාල සමාගම්වලට කොකෝවා, සෝයා, රබර් සහ පාම් තෙල් වැනි වෙළඳ භාණ්ඩ නිෂ්පාදන සමාගම් වලට සිය භාණ්ඩ නිෂ්පාදනයේ ආරම්භය නිවැරැදිව සනාථ කළ යුතුයි. සොබාදහම ආරක්ෂා කිරීම සඳහා පනවන ලද නීතිවලට අනුකූල නොවන නිෂ්පාදන භාවිතා කිරීම නීති විරෝධී ය. නමුත් විචාරකයින් පවසන්නේ එක්සත් රාජධානියේ මෙම සැලසුම දෝෂ සහිත බවත් ඊට ලබාදෙන දඬුවම් පිළිබඳ විස්තර නොමැති බවත්ය.

නීතිවිරෝධී වනාන්තර විනාශයට සම්බන්ධ නිෂ්පාදන පිළිබඳව පාරිභෝගිකයින් අතර වැඩි වැඩියෙන් අතෘප්තියක් ඇති වී තිබේ. පාරිසරික කණ්ඩායමක් වන WWF හි නව සමීක්ෂණයකට අනුව, බ්‍රිතාන්‍ය පාරිභෝගිකයින්ගෙන් 67% ක් අදහස වන්නේ මෙම ගැටළුව විසඳීම සඳහා රජය වැඩි යමක් කළ යුතු බවයි. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 81% ක් කියා සිටියේ එක්සත් රාජධානියට ආනයනය කරන නිෂ්පාදනවල මූලාරම්භය පිළිබඳ වැඩි විනිවිදභාවයක් තිබිය යුතු බවයි. සාමාන්‍යයෙන් කෘෂිකර්මාන්තය සඳහා ගස් කැපීම සහ ඉඩම් ඉවත් කිරීම ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 11% කට වගකිව යුතුය. එක්සත් රාජධානියේ රජය පවසන්නේ විශාල සමාගම්වල සැපයුම් දාමයන් සහ ඔවුන් විකුණන නිෂ්පාදන නීති විරෝධී වන විනාශයෙන් නිදහස් බව සහතික කිරීම සඳහා නීතියක් හඳුන්වා දීමෙන් මෙම ගැටළුව විසඳීමට අවශ්‍ය බවයි. වනාන්තර සහ අනෙකුත් ස්වාභාවික පරිසර පද්ධති ආරක්ෂා කරන දේශීය නීතිවලට අනුකූලව පාම් සහ සෝයා වැනි භාණ්ඩ නිෂ්පාදනය කරන බවට සමාගම් සහතික විය යුතුය. ව්‍යාපාරවල නිෂ්පාදනවල මූලාරම්භය හෝ දඩ මුදල් ගෙවීම පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට සිදුවේ.

 


ලබන වසරේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සත්කාරකත්වය සැපයීමට පෙර, දැන් රට තුළ ඇති ජෛව විවිධත්වය හා සොබාදහමේ අර්බුදයට එරෙහිව සටන් කිරීමට එක්සත් රාජධානියට යුතුකමක් ඇත. වනාන්තර විනාශය දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය නැතිවීම සහ සත්ව විද්‍යාත්මක රෝග පැතිරීම සමඟ සම්බන්ධ වන සාක්ෂි බලවත් ය. මෙලෙස පනවන ලද නව නීතිය ඊට ලබාදෙන විසඳුමේ වැදගත් අංගයක් වන අතර එය වහාම ක්‍රියාත්මක කිරීම් අවශ්‍ය වේ. “සුපිරි වෙළඳසැල් සහ ක්ෂණික ආහාර සිල්ලර වෙළෙන්දන් ඇතුළු සමාගම් සැපයුම් දාමවල පූර්ණ විනිවිදභාවය වෙළඳාමේ කොන්දේසියක් බවට පත් කළ යුතුයි” යනුවෙන් එක්සත් රාජධානියේ ග්‍රීන්පීස් ආයතනය පැවසීය.

 

 

 

 

 

 

by Dilki Shamani

source : bbc.com

views

545 Views

Comments

arrow-up