ගුවන් ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 130 ක් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

ගුවන් ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 130 ක් (PHOTOS)

ගුවන් ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 130 ක් (PHOTOS)

මහා පරිමාණ යුද්ධයකට මුල පුරමින් ඊශ්‍රායලය ඊයේ ගාසා ගාසා තීරයේ මහල් 13 කින් යුත් ගාසා කුළුණ වෙත ගුවන් ප්‍රහාර එල්ල කර එය බිමට සමතලා කර තිබෙනවා. එසේ එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලින් ගාසා තීරයේ තවත් ගොඩනැගිලි කිහිපයක් විනාශ වී ඇති අතර පුද්ගලයින් 30 දෙනකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

එම ගුවන් ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය රොකට් ප්‍රහාර 130 ක් පමණ එල්ල කර ඇති බවයි මේ වන විට වාර්තා වන්නේ. කෙසේ නමුත් මෙම රොකට් ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇති අතර තවත් කිහිප දෙනෙකු රෝහල්ගත කර තිබුණා.

 

එම ගැටුම් වලට මූලික වී තිබෙන්නේ ජෙරුසෙලමේ අල් අක්සා ඉස්ලාමීය දේවස්ථානය රාමසාන් සමයේ එහි පැමිණෙන පලස්තීන භක්තිකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙනුයි. මෙය පලස්තීන ජනතාවගේ දැඩි උදහසට ලක්වී තිබුණා.

 

මේ අතර ඊශ්‍රායල පලස්තීන ගැටුමට මැදිහත් නොවීම සම්බන්ධයෙන් ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වර්තමාන ජනාධිපති ජෝ බයිඩන් වෙත චෝදනා කර තිබෙනවා.

 

 

 

views

2234 Views

Comments

arrow-up