වොයේජර් යානාව අන්තර් තාරකා අවකාශයේ නොනවතින "Hum" ශබ්දයක් හඳුනා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

වොයේජර් යානාව අන්තර් තාරකා අවකාශයේ නොනවතින "Hum" ශබ්දයක් හඳුනා ගනී

වොයේජර් යානාව අන්තර් තාරකා අවකාශයේ නොනවතින "Hum" ශබ්දයක් හඳුනා ගනී

මීට වසර 44 කට පෙර, එනම් 1977 සැප්තැම්බර් 5 වනදා ෆ්ලොරිඩාවෙන් දියත් කළ වොයේජර් 1 අභ්‍යාවකාශ යානාව මීට වසර 9 කට පෙර සෞරග්‍රහ මණ්ඩලය පසු කරමින් අන්තර් තාරකා අවකාශයට පිවිසුණි.

 

 

මේ වන විට වොයේජර් යානාව අන්තර් තාරකා අවකාශයේ ඉදිරියට ඇදෙමින් සෞරග්‍රමණ්ඩලයේ ජීවී සාධක සහ විශ්වය නිර්මාණය වූ ආකාරය සොයමින් පවතී. මේ වන විට එය පෘථිවියේ සිට සැතපුම් බිලියන 14.1 ක් (දළ වශයෙන් කිලෝමීටර බිලියන 22.7 ක්) දුරින් පිහිටා තිබෙන වොයේජර් යානාව සැළකෙන්නේ මිනිසා විසින් නිර්මාණ කර ඇති මිනිසාට ඈතින්ම පිහිටි වස්තුව ලෙසයි.

 

මෙසේ අන්තර් තාරකා අවකාශයේ සැරිසරන වොයේජර් යානාව එහි වූ නොනවතින හම් ශබ්දයක් හඳුනාගෙන තිබේ. පසුගිය සඳුදා නාසා ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව අන්තර් තාරකා අවකාශයේ හීලියෝපොස් ලෙසින් හැඳින්වෙන අන්තර් තාරකා මාධ්‍ය හරහා ගමන් කරනා ප්ලාස්මා තරංග වල ශබ්දය මෙසේ පටිගත කිරීමට සමත් වී තිබේ.

 

කෙසේ නමුත් මෙම "හම්" ශබ්දය සාමාන්‍යයෙන් මිනිස් කනට පැහැදිලිව ඇසිය නොහැකි තරම් දුර්වල බවයි විද්‍යාඥයින් පවසා ඇත්තේ. එසේම එය හටගන්නේ අභ්‍යවකාශයේ ආසන්න හිස්බවෙහි ඇති කුඩා වායු වල නිරන්තර කම්පන හේතුවෙන් බවයි විද්‍යාඥයෝ වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

 

 

මීට දශක කිහිපයකට පෙර යානාව බ්‍රහස්පති සහ සෙනසුරුද අධ්‍යනය කර තිබුණි.

 

ඔබ මීට පෙර සිතා සිටි පරිදි මන්දාකිණි තරු පද්ධති අතර ඇති දැවැන්ත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම රික්තකයක් නොවේ. එහි අඩු ඝනත්වයකින් යුතු පදාර්ථය හා විකිරණ සමගම වායු තිබෙන අතර මෙය අන්තර් තාරකා මාධ්‍ය ලෙස හැඳින්වේ.

 

අපගේ ක්ෂීරපථ මන්දාකිනියේ දෘශ්‍ය පදාර්ථයෙන් 15% පමණ ඇත්තේ අන්තර් තාරකා වායුව දූවිලි හා කොස්මික් කිරණ වැනි ශක්තිජනක අංශු වලිනි. අන්තර් තාරකා මාධ්යයෙන් වැඩි ප්‍රමාණයක් අයනීකෘත හෝ විද්‍යුත් ආරෝපිත ප්ලාස්මා වලින් යුක්ත වේ. පෘථිවියේ වායු මාධ්‍ය හා සසඳන විට අන්තර් තාරකා මාධ්‍ය අතිශයින්ම විසිරී පවතී.

 

උදාහරණයක් ලෙස අන්තර් තාරකා මාධ්‍ය තුළ සෑම ඝන සෙන්ටිමීටරයක් සඳහාම පරමාණු 0.1 ක් පමණ ඇත. නමුත් පෘථිවියේ අපි හුස්ම ගන්නා වාතය සෑම ඝන සෙන්ටිමීටර 1ක් තුලම සඳහාම පරමාණු බිලියන ගණනක් ඇත.

 

කෙසේ නමුත් මේ දක්වා වොයෙජර් යානාව වසර 44 ක සේවා කාලයක් ගත කර ඇත. තවත් වසර 6ක කාලයකින් පසුව (වසර 50දී) එනම් මෙම දශකය තුළ එහි බල සැපයුම බොහෝ දුරට අඩුවී යනු ඇති බවට අනුමාන කර ඇත.

views

6822 Views

Comments

arrow-up