චීන රොකට්ටුව මාලදිවයින අසළ ඉන්දියන් සාගරයට කඩා වැටේ (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

චීන රොකට්ටුව මාලදිවයින අසළ ඉන්දියන් සාගරයට කඩා වැටේ (VIDEO)

චීන රොකට්ටුව මාලදිවයින අසළ ඉන්දියන් සාගරයට කඩා වැටේ (VIDEO)

පසුගිය 29 වනදා චීන පාලනයෙන් ගිලිහී ගිය Long March 5B රොකට්ටුවේ ටොන් 18ක් බරැති හරය කොටස මාලදිවයින අසල ඉන්දියන් සාගරයට කඩා වැටුණු බව චීන අභ්‍යවකාශ පරිපාලනය ඒජන්සිය නිවේදනය කර තිබෙනවා.

 

පෘථිවි වායුගෝලයට ඇතුළු වීමෙන් පසුව එය ගිනි ගෙන දැවී ඇති අතර සාගරයට කඩා වැටීමේදී රොකට්ටුවේ බොහෝ ප්‍රමාණයක් ගිනිගෙන දැවී තිබෙන බවයි වාර්තා වන්නේ.

 

මෙසේ කඩා වැටුණේ පසුගිය අප්‍රේල් 29 වනදා චීනය විසින් දියත් කරන ලද Long March 5B රොකට්ටුවේ හරය කොටසයි.

 

මෙය මධ්‍යධරණී මුහුදට ඉහළ අහසේ දී පෘථිවි වායුගෝලයට ඇතුළු වී ඇති අතර පසුව මැදපෙරදිග හරහා පෘථිවි වායුගෝලය ඔස්සේ ඉන්දියාවට දකුණින් පිහිටි මාලදිවයින අසල මුහුදු කලාපයට කඩා වැටී තිබුණා.

 

එමෙන්ම මෙය කඩා වැටෙන ආකාරය ඊශ්‍රායලය සහ ඕමානය ජනතාව සියැසින් දැක තිබුණා.

 

 

 

 

 

 

views

2720 Views

Comments

arrow-up