මාලදිවයිනේ බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු දින 4ක් ඇතුළත අත්අඩංගුවට ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

මාලදිවයිනේ බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු දින 4ක් ඇතුළත අත්අඩංගුවට ගනී

මාලදිවයිනේ බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු දින 4ක් ඇතුළත අත්අඩංගුවට ගනී

පසුගිය මැයි 6 වන දින මා රිදවන හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඉලක්කකර එල්ල කළ බෝම්බ ප්‍රහාරය ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

 

අභුමාන් අහමඩ් රෂීඩ් නම් මෙම සැකකරු 25 හැවිරිදි අයෙකි.

 

හිටපු ජනාධිපතිවරයා සිය මෝටර් රථය වෙතට පැමිණෙන මොහොතේ අසල තිබුණු යතුරු පැදියකට සවිකර තිබූ බෝම්බය පුපුරවා හැරීමෙන් හිටපු ජනාධිපතිවරයා බරපතළ තුවාල ලබා තවත් ආරක්ෂකයන් දෙදෙනෙකු සහ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු තුවාල ලැබූවා.

 

මෙය ආගමික අන්තවාදී ප්‍රහාරයක් බව මාලිදිවයින පොලීසිය පවසයි.

 

ප්‍රධාන සැකකරු සමඟ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

views

913 Views

Comments

arrow-up