සන්රයිසස් හයිද්‍රාබාද් පිළ අයිපීඑල් ඉතිහාසයේ එක් කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

සන්රයිසස් හයිද්‍රාබාද් පිළ අයිපීඑල් ඉතිහාසයේ එක් කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරයි

සන්රයිසස් හයිද්‍රාබාද් පිළ අයිපීඑල් ඉතිහාසයේ එක් කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අද (27) සමත් විය.

 

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිවය.

 

පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී ලකුණු 277ක් රැස් කළේය.

 

එය සියලුම ආකාරයේ පිරිමි  T20 තරගවල තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද වෙයි.

 

මෙම තරගය ජයගැනීම සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලබාගත්තේ ලකුණු 246ක් පමණි.

 

මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී RCB කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 263ක් රැස්කර තිබුණි.

views

1350 Views

Comments

arrow-up