ශ්‍රී ලංකා - බංග්ලාදේශ් පළමු ටෙස්ට් තරඟය හෙටින් ඇරඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

ශ්‍රී ලංකා - බංග්ලාදේශ් පළමු ටෙස්ට් තරඟය හෙටින් ඇරඹෙයි

ශ්‍රී ලංකා - බංග්ලාදේශ් පළමු ටෙස්ට් තරඟය හෙටින් ඇරඹෙයි

පළපුරුදු ක්‍රීඩකයින් සමන්විත කණ්ඩායමක් සමග ටෙස්ට් තරගාවලියට මුහුණදීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පවසයි.

 

 තරගාවලියට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා,

මට අයිඩියා එකක් ගන්න ඕන වෙලා තිබුණා කඩුල්ල හැසිරෙන විදිය ගැන. මගේ ෆෝකස් එක වෙලා තිබ්බේ ඒක. ඒගොල්ලෝ දැන් ටිකක් තණකොළ තියලා තමයි සෙල්ලම් කරන්නේ මට ඕන වුණා තත්ත්වය කොහොමද හැසිරෙන්නේ කියලා තේරුම්ගන්න. මම හිතනවා මට අයිඩියා එකක් තියෙනවා දැන් ඒ ගැන. මගේ සකස්වීමත් ඒ පුහුණු සැසි කිහිපයට එක්වීම නිසා හොඳට ගියා . මම හොඳට පුහුණුවීම් කළා. දැන් ඇවිල්ලා ඉන්න ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයොත් ඒ තත්ත්වයට හුරුවෙලා තියෙනවා. එයාලටත් අදහසක් තියෙනවා මොකද වෙන්නේ කියලා. ඉතින් හිතනවා හොඳ තරගාවලියක් තියේවි කියලා. 

එසේම මෙහිදී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වාගෙන් ප්‍රශ්න කර සිටියේ ටයිම් අවුට් සැමරුමේ මීළඟ අදියර කුමක් ද යන්නයි.

එයට පිළිතුරු දෙමින් ධනංජය ද සිල්වා පැවසුවේ "ඒ ගැන පස්සේ බලමු" යනුවෙනි.

views

79 Views

Comments

arrow-up