ජාතික ජන බලවේගයට රට දුන්නොත් හෙට ඉදන් රටට ඩොලර් එනවා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

ජාතික ජන බලවේගයට රට දුන්නොත් හෙට ඉදන් රටට ඩොලර් එනවා

ජාතික ජන බලවේගයට රට දුන්නොත් හෙට ඉදන් රටට ඩොලර් එනවා

තම පක්ෂයට රටේ පාලන බලය හිමි වුවහොත් ඩොලර් අර්බුදය ඊළඟ දිනයේ සිට විසඳෙන බව ජාතික ජන බලවේගය පවසනවා.

 

අපි අද ආණ්ඩුව භාර ගතහොත් හෙට සිට මෙරටට මුදල් ලැබෙන බව පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසා සිටියා.

 

ඔහු කියා සිටින්නේ ජනතාව තවමත් මේ රජය විශ්වාස නොකරන බවයි.

 

ටිල්වින් සිල්වා කියා සිටින්නේ ඔවුන් රට භාර ගතහොත් ඉදිරියේදී විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් රට තුළට එවනු ඇති බව සහ තම පක්ෂයේ කාර්යාල ලෝකයේ බොහෝ රටවල පිහිටා ඇති බැවින් ඒ හරහා යම් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට තමා ඇතුළු පක්ෂයට හැකියාවක් පවතින බවයි.

views

554 Views

Comments

arrow-up