අගමැතිකම බාරගන්න සජිත් තවම සූදානම්ලු
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

අගමැතිකම බාරගන්න සජිත් තවම සූදානම්ලු

අගමැතිකම බාරගන්න සජිත් තවම සූදානම්ලු

අගමැතිවරයා ලෙස වගකීම භාරගැනීමට තම අදත් සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත.

 

තවද ඔහු පෙන්වා දෙන්නේ බලය වෙනුවෙන් කිසිවිටකත් ප්‍රතිපත්ති පාවා නොදෙන බවයි.

 

“වගකීම් භාරගන්න බෑ කිව්වේ නෑ මම. අදත් සූදානම් මම අගමැතිවරයා ලෙස වගකීම භාරගන්න. අපේම පිරිසිදු කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න.”

 

“තිත්ත ඇත්ත කතා කරමු. හොරාගේ අම්මගෙන් පේන අහන්න පුළුවන් ද?. මහ බැංකු හොරු ඉන්න ආණ්ඩුවකට පුළුවන් ද හොරු අල්ලන්න. මහ බැංකු හොරා පොලු තියලා තියෙනවා ලංකා බැංකුවට. අද තියෙන්නේ ආණ්ඩුවක් නෙමෙයි.. අද තියෙන්නේ අච්චාරුවක්. අද තියෙන්නේ ගේම් එකක්. රටේ ජනතාවගේ ජීවිතත් එක්කයි මේ සෙල්ලම කරන්නේ.”

 

“මම පැහැදිලිව කියනවා.. මේ මොහොතෙත් අගමැතිකම භාරගෙන පිරිසිදු පාලනයක් ක්‍රියාත්මක කරන්න මම කැමතියි.. බැහැයි පාවාදීම්වලට අපි නෑ.”

 

“හොඳට මතක තියාගන්න. මමත් දැන් පියා වගේම හොඳට තෙම්පරාදු වුණු පුද්ගලයෙක්. මමත් හම්බන්තොට අවුරුදු 20ක් කට්ට කාලා.. මහ පොළොවේ පයගහලා අමාරු ගමනක් ආපු පුද්ගලයෙක්. හැරෙනකොට මම දන්නවා.”

 

“විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වගේම විධායක අගමැතිවරයෙකුත් නිර්මාණය නොකිරීම අපේ පිරිසිදු 21 වන සංශෝධනයේ තියෙනවා.”

views

451 Views

Comments

arrow-up