මුදල් ඇමතිකම ගන්න මම සූදානම් – හර්ෂ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

මුදල් ඇමතිකම ගන්න මම සූදානම් – හර්ෂ

මුදල් ඇමතිකම ගන්න මම සූදානම් – හර්ෂ

ජාතික ආණ්ඩුවක් තුළ මුදල් ඇමතිකම ගැනීමට තමන් සූදානම් බවත් ඊට අවශ්‍ය කැපකිරීම කිරීමට සූදානම් බවත් ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

 

මේ මොහොතේ ජාතික ආණ්ඩුවක් සදා රටේ ප්‍රශ්න විසදා ගැනීමට මැදිහත්විය යුතු බවට පක්ෂ නායකයින්ට තවදුරටත් නොතේරීම ප්‍රශ්න සහගත බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

 

මේ මොහොතේ නිවැරදි තීරණ ගැනීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට වන අතර ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා සංශෝධනයට අනුව එය ඉටු කිරීමට යම් කාලපරාසයක් ඇතිව ඊට සූදානම් බව ප්‍රකාශ කරන්නේ නම් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ජාතික ආණ්ඩුව පිහිටුවීමේ හැකියාව තිබෙන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

 

රට ගැන ආදරයක් ඇත්නම් ජනාධිපතිවරයා විසින් එය කළ යුතුව ඇති බවයි ඔහු පැවසුවේ.

views

482 Views

Comments

arrow-up