සිමෙන්ති මිලත් අඩු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

සිමෙන්ති මිලත් අඩු වෙයි

සිමෙන්ති මිලත් අඩු වෙයි

නව බදු සංශෝධන අනුව සිමෙන්ති මිල ගණන් ද අඩුවනු ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

 

එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ අඩුවන මිල ගණන් නිල වශයෙන් අද හෝ හෙට ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බවයි.

 

කෙසේවෙතත්, බදු අඩුකිරීමත් සමග දැනටමත් සිමෙන්ති සමාගම් සමග එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

 

එහෙත්, නිශ්චිත වශයෙන් සිමෙන්ති කොට්ටයක අඩුකළ යුතු මිල අද හෝ හෙට ප්‍රකාශයට පත්කරන බවයි පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ.

 

ඉකුත් නොවැම්බර් මස 22 වැනිදා සිට සිමෙන්ති කොට්ටයක් අලෙවි කරන්නේ මිල 1,095 කටයි.  

views

1380 Views

Comments

arrow-up