ආපදාවට පත් පත්වූවන්ට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

ආපදාවට පත් පත්වූවන්ට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

ආපදාවට පත් පත්වූවන්ට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට රට පුරා විවිධ දිස්ත්‍රික්කයන් වෙත බලපා ඇති ගංවතුර, නායයෑම් හා අනෙකුත් ආපදා තත්ත්වයන්හි දී මහජනයාගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කරලීම සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ගයන් නොපමාව ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත. 

 

 


පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි නායයෑම්, පස් කඳු කඩා වැටීම්, ගල් පෙරලීම් වැනි අවදානම් තත්ත්වයන්ට මුහුණ දීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් ආපදා අවම කිරීමට සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වාතාවරණය ඇති කිරීමට හා මහජන සුභසාධනය සඳහා ක්ෂණික පියවර ගැනීමට අදාළ අමාත්‍යාංශයන්හි නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක්‍රලේඛ උපදෙස් මඟින් මේ වන විට දැනුම් දී ඇත. 

 

 


මෙම සියලු කාර්යයන් සම්බන්ධීකරණය හා සමාලෝචනය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකීරීමට ද කටයුතු සලසා තිබේ.

 

views

817 Views

Comments

arrow-up