මැතිවරණයකදී අපේ අපේක්ෂකයා වර්ණනනා කිරීම සරිතයි - නමුත් අපි ජනපතිට ප්‍රශංසා කරන්න ඕන
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

මැතිවරණයකදී අපේ අපේක්ෂකයා වර්ණනනා කිරීම සරිතයි - නමුත් අපි ජනපතිට ප්‍රශංසා කරන්න ඕන

මැතිවරණයකදී අපේ අපේක්ෂකයා වර්ණනනා කිරීම සරිතයි - නමුත් අපි ජනපතිට ප්‍රශංසා කරන්න ඕන

මැතිවරණ සමයේදි ප්‍රතිවාදී අපේක්ෂකයා පරාජය කිරීමට උත්සාහ කරන බවත් තමන්ගේ අපේක්ෂකයා වර්ණනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පැවසයි.

 

කොළඹ ශ්‍රේෂ්ඨාධිරණය අසළදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියාසිටියා.

 

“අපි ඔහුට (ජනපති ගෝඨාභය රාජපක්ෂ) විවිධ චෝදනා කළා. අපි ඔහුව (ජනපති ගෝඨාභය රාජපක්ෂ) විවේචනය කළා. අපේ අපේක්ෂකයා වර්ණනා කරනවා. අනිත් අයව පරාජය කරන්න උත්සාහ කරනවා. ඒක සිරිත.

 

නමුත් කකුලෙන් අදින්නේ නැතිව. ටොෆී කොලයක්වත් පාරේ දාන්නේ නැතිව,පරිසරය සුරකින්න ඔහුගේ හොඳ වැඩවලට විරුද්ධ වෙන්නේ නැතිව විරුද්ධ පක්ෂයේ වගකීම් ඉටුකරනවා. වැරදි දේ විවේචනය කරන්න ඕන.

 

කොළඹ පිරිසිදු කිරීම, කාර්ය මණ්ඩලය අඩුකිරීම, වාහන අඩු කිරීම ගැන අපි ප්‍රශංසා කරන්න ඕන.”

views

1195 Views

Comments

arrow-up