පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කෙරේ

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුව 2020 වර්ෂයේ ජනවාරි මස 03 වෙනිදා දක්වා කල් තබනු ලැබූ බව දන්වන ඇති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර තිබෙනවා.
නව පාර්ලිමේන්තු සැසි වාරය ලබන ජනවාරි මස 03 වෙනිදා පෙරවරු 10.00 රැස්වීමට නියමිත බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
අට වන පාර්ලිමේන්තුවේ 3වන සැසිවාරයයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා විසින් අවසන් කරන්නේ .මීට පෙර දෙවතාවක් මෛත්‍රීපාල සිරිසේන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු වාර අවසන් කර තිබේ .
892 Views
Comments