දැරියකට අමානුෂික ලෙස පහරදුන් තිදෙනා අධිකරණය හමුවට

කොටවෙහෙර පොලිස් වසමේ දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මව් සෙනෙහස අහිමි වූ දහතුන් හැවිරිදි දැරියකට කුඩම්මා සහ ඇගේ සොයුරිය අමානුෂික ලෙස පහර දෙන අයුරු ජංගම දුරකතනයක මෙසේ සටහන් වී තිබුණු අතර සමාජ මාධ්‍ය ඔස්සේ එම දර්ශන ඉතා ඉක්මනින් හුවමාරු වෙමින් තිබුණා.
ගම්පහ පල්ලේවෙල ප්‍රදේශයේ පදිංචි දැරියගේ පියාගේ දෙවන කසාදයේ බිරිද සහ ඇගේ නැගණියයි දැරියට මෙසේ පහර දී තිබෙන්නේ.
දැරියට සිදුවන අඩන්තේට්ටන් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කළද ඉන් සාධාරණයක් ඉටු නොවූ බව දැරියගේ මිත්තනිය පවසුවා.
නිකවැරටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ කොටවෙහෙර පොලිස් ස්ථානය පරික්ෂණ සිදුකිරීමෙන් අනතුරුව තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
ඒ අනුව සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය සදහන් කළා.
පහරදුන් කාන්තාවන් දෙදෙනා සහ දැරියගේ පියාද ඊට ඇතුළත්. ඔවුන් අද (04) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
පහරකෑමට ලක්වූ දැරිය නිකවැරටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
771 Views
Comments