රාජිතගේ අලුත්ම තත්වය

එළඹෙන තිස් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මේවන විටත් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ බාරයේයි. ඊයේ (28) දහවල් බන්ධනාගාර වෛද්‍ය නිලධාරිණියක් පැමිණ මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනු ලැබුවේය.
එමෙන්ම රාජිත සේනාරත්න මහතාගේ බිරිඳ හා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඇතුළු කිහිපදෙනෙකුද මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා රෝහල වෙත පැමිණියේය.
මේ අතර රාජිත සේනාරත්න මහතා රජයේ වෛද්‍යවරුන් හරහා පරීක්ෂාවට ලක්කරන මෙන් ඉල්ලා නව සිංහලේ ජාතික සංවිධානය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කළේය.
එමෙන්ම සිංහලේ සංවිධානයද අද අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනුකලේ රාජිත සේනාරත්න මහතාට සැඟව සිටීමට උදව්කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තාකරන ලෙස ඉල්ලමින්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි රාජිත සේනාරත්න මහතාව බන්ධනාගාර නිලධාරීන්වෙත 27රාත්‍රියේ බාරදෙනු ලැබුවේය.
සුදුවෑන් මගින් පුද්ගලයන් පැහැරගැනීම් සිදුකළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේදී ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාලව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
729 Views
Comments