සිමෙන්ති වලට උපරිම සිල්ලර මිලක්

සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක විසින්. ඒ අනුව මෙරට නිෂ්පාදිත කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති ඇසුරුමක උපරිම සිල්ලර මිල රුපියල් 1005 ක් ලෙසයි දක්වා ඇත්තේ.
එම ගැසට් නිවේදනයට අනුව සිමෙන්ති කුඩු ලෙස ආනයනය කර මෙරටදී ඇසුරුම් කළ කිලෝග්‍රෑම් 50 සිමෙන්ති ඇසුරුමක උපරිම සිල්ලර මිල රුපියල් 950 ක් වනවා.
ඇසුරුම්ගතව ආනයනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති ඇසුරුමක උපරිම සිල්ලර මිල රුපියල් 930 ක් ලෙසයි එහි දක්වා ඇත්තේ.
අදාළ උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට සිමෙන්ති අලෙවි කිරීම, අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම මෙන්ම අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම ද එම අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් තහනම් කර තිබෙනවා.
827 Views
Comments