නව දුම්රිය 8 ධාවනයට

චීනයෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරන ලද නව දුම්රිය කට්ටල 8ක් ඊයේ (29) දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දුන්නා .
එම දුම්රිය කට්ටල ලබන ජනවාරි මස මුල් සතියේ සිට ධාවනයට එක් කෙරෙන බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක කියාසිටියේ.
මේ අතර භික්‍ෂූන් වහන්සේ ඇතුළු පූජ්‍ය පක්‍ෂය සඳහා දුම්රිය ස්ථානවල පවතින පහසුකම් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වනවා. එම පාර්ශ්වයට අවශ්‍ය පහසුකම් සලසන ලෙස තමන් දුම්රිය බලධාරීන් වෙත උපදෙස් දී ඇති බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක පැවසුවේ.
840 Views
Comments