මොරගහහේන ද්විත්ව ඝාතන සැකකරු පාදුක්කේදී පොලිස් වෙඩි පහරින් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

මොරගහහේන ද්විත්ව ඝාතන සැකකරු පාදුක්කේදී පොලිස් වෙඩි පහරින් මරුට

මොරගහහේන ද්විත්ව ඝාතන සැකකරු පාදුක්කේදී පොලිස් වෙඩි පහරින් මරුට

ඊයේ(07) මොරගහහේන මාලොස්ඇළ ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනයක ප්‍රධාන සැකකරු එම සිද්ධිය සිදුවී පැය 24 ක් යන්නට මත්තෙන් පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුවු වෙඩිතැබීමකින් පොලිසිය ඝාතනය කර ඇතැයි ආරංචි සඳහන් කරයි.

 

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුර පොලිස් මාර්ග බාධකයක් අසල දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලදැයි පොලිස් නිවේදනයේ දැක්වේ.

 

පොලිස් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී අදාළ යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙන බවද වාර්තා කර ඇත.

 

මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සෙබළෙක් බවට හඳුනාගෙන ඇති අතර ඔහු ඊයේ (07) මොරගහහේන මාලොස්ඇළ ප්‍රදේශයේදී සිදුවු ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු බව පවසා තිබේ.

 

මොරගහහේන මාලොස්ඇළ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක යමින් සිටි පුද්ගලයන් දෙදෙනකු ඊයේ (07 වැනිදා) වෙඩි තබා ඝාතනය කර තිබූ අතර එය පාතාල කල්ලි නායක හඳපාන්ගොඩ ‘හඳයා’ නමැති පාතාල නායකයාගේ නියෝග මත සිදු කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබුණි.

 

ඝාතනයට ලක්වූ පුද්ගලයා ‘හඳයා’ සහ ඔහුගේ කල්ලියේ අපරාධකාරයන් පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකායට ඔත්තු ලබා දුන් බව කියන සිද්ධියකට පළිගැනීමට මොවුන් මෙසේ ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

 

ඝාතනයට ලක්වූ පුද්ගලයන් දෙදෙනා 50 සහ 52 වියේ පසුවන අය වන අතර ඔවුහු පන්නිපිටිය පිළියන්දල පදිංචිකරුවෝ වෙති.

 

සොරකම් සහ තවත් අපරාධ කීපයක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත මෙම පුද්ගලයන් දෙදෙනාට සෑම ඉරිදා දිනකම රත්නපුර පොලිසියේ පෙනී සිටීමට නියමිතව තිබී ඇත.

 

ඊයේ පෙරවරුවේ මොවුන් දෙදෙනා රත්නපුර පොලිසිය හමුවේ පෙනී සිටි ත්‍රිරෝද රථයකින් තම නිවෙස් බලා එමින් සිටියදී මොරගහහේන මාලොස්ඇළ හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් පිස්තෝල, අවි යොදාගෙන මොවුන්ට වෙඩි තබා පලා ගොස් ඇත.

 

එහිදී බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයන් දෙදෙනා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

 

‘හඳයා’ නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් හෝමාගම, මොරගහහේන ඇතුළු ප්‍රදේශ ගණනාවක සිය පාතාල කල්ලිය මෙහෙයවයි.



මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් හඳයාට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන බව පොලිසිය පවසයි.

views

269 Views

Comments

arrow-up