ලිට්‍රෝ ගෑස් මිල පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

ලිට්‍රෝ ගෑස් මිල පහලට

ලිට්‍රෝ ගෑස් මිල පහලට

අප්‍රේල් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

 

මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති,  මුදිත පීරිස් මහතා මේ බව පැවසීය.

 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115කි.

 

කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,652කි.

 

කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් මිල රුපියල් 23කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 772කි.

views

272 Views

Comments

arrow-up