කැබ්රිය අඩි 75ක් පහළට පෙරළී සිදුවූ අනතුරින් 10ක් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

කැබ්රිය අඩි 75ක් පහළට පෙරළී සිදුවූ අනතුරින් 10ක් රෝහලට

කැබ්රිය අඩි 75ක් පහළට පෙරළී සිදුවූ අනතුරින් 10ක් රෝහලට

පහළොස් දෙනකු රැගත් බොලේරෝ වර්ගයේ ජීප් රථයක් බණ්ඩාරවෙල සිට රඹුක්කන බලා ගමන් කරමින් තිබියදී ගම්පොළ දැල්පිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 ක පමණ පහළට පෙරළී යාමෙන් එහි ගමන් ගත් පිරිසෙන් දස දෙනකු තුවාල ලබා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇතැයි ගම්පොල පොලිසිය පවසයි.

 

බණ්ඩාරවල ප්‍රදේශයේ පැවති මළ ගෙදරකට සහභාගි වී රාත්‍රියේ පැමිණ ඇති මෙම පිරිස අද අලුයම හතරට පමණ මෙම අනතුරට මුහුණ පා තිබේ.



දින තුනක් පුරා එම මළ ගෙදර ගත කර ඇති මෙම පිරිස රැකියා සඳහා යාමේ අරමුණින් මෙසේ ගම්බිම් බලා යමින් සිට ඇත. රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.



බාල වියේ ළමුන් ඇතුළු ගැහැණුන් හය දෙනකු හා පිරිමි නව දෙනකු මෙහි ගමන් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

views

282 Views

Comments

arrow-up