දිවයින පුරා ෆාමසි හෙට(09) විවෘතයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

දිවයින පුරා ෆාමසි හෙට(09) විවෘතයි

දිවයින පුරා ෆාමසි හෙට(09) විවෘතයි

දිවයින පුරා ඖෂධ සැල් හෙට (09) පස්වරු 5 දක්වා විවෘතව තැබීමට රජය තීරණය කලා.

 

ඒ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ පැවති සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයක් අනුවයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු නිලධාරීන් සහභාගී වුණා.

 

මීට අමතරව සියලු ආයුර්වේද රෝහල් ඇඳිරි නීති කාලය තුළ විවෘතව තැබීමටද තීරණය කෙරුණා.

 

එමෙන්ම සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ලියාපදිංචිවී ඇති ආයුර්වේද බෙහෙත් ශාලා අතරින් අවම වශයෙන් එක් බෙහෙත් ශාලාවකටවත් ඇඳිරි නීති කාලය තුළ සිය ජංගම සේවාවන් කි‍්‍රයාත්මක කිරිමට අවසරදීම ද මෙහිදී ගත් තීරණයක්.

 

විශාල වශයෙන් මේ දිනවල පරිභෝජනයට ලබාගන්නා කොත්තමල්ලි, ඉඟුරු සහ වෙනිවැල්ගැට ආනයනයට ද තීරණය කෙරුණා.

 

අසාධ්‍ය රෝගීන්ගේ නිවෙස් වලට පැමිණ පරික්ෂා කරන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ඇති වෛද්‍යවරුන්ට රෝගීන්ගේ නිවෙස් වෙත ගමන් කිරීමට අවසර ලබාදීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වුනා.

 

දීර්ඝ කාලීන ආයුර්වේද ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ බෙහෙත් තැපැල් දෙපාර්තමේන්තුව මගින් නිවෙස් වලටම ලබාදීමටත් තීරණය කර ඇති බවයි විශේෂ සේවාවන් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසන්නේ.

views

711 Views

Comments

arrow-up