කොරෝනා වැළඳී මියයන සියලු දෙනා ආදාහනය කල යුතුයි - සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දු කරයි.
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

කොරෝනා වැළඳී මියයන සියලු දෙනා ආදාහනය කල යුතුයි - සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දු කරයි.

කොරෝනා වැළඳී මියයන සියලු දෙනා ආදාහනය කල යුතුයි -  සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දු කරයි.

කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය කිරීම පිළිබඳව ඊයේ (31) දින මුස්ලිම් දේශපාලකයන්ගේ සහ ආගමික කණ්ඩායම්වල විරෝධය එල්ල වූ අතර ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද මාර්ගෝපදේශයන් නිකුත් කර ඇත.

 

එහි සඳහන් වන්නේ තහවුරු කරන ලද සහ සැක කළ පුද්ගලයන්ගේ සිරුරු මෙන්ම රෝගය පිළිබඳ ඉතිහාසයක් ඇති අයගේ දේහයන් ආදාහනය කළ යුතු බවයි.

 

මෘත ශරීරය කිසි විටෙකත් සෝදා නොගත යුතු අතර, මුද්‍රා තැබූ ශරීර මල්ලක හා මිනී පෙට්ටියක තැබිය යුතු අතර මළ සිරුරු බැහැර කිරීම පොලීසිය, සෞඛ්‍ය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිරීක්ෂණය කළ යුතු බව එම මාර්ගෝපදේශයන්හි සඳහන්ව ඇත.

– daily mirror –

views

785 Views

Comments

arrow-up