දින 03ක් සියලු ෆාමසි විවෘත කෙරේ

රාජ්‍ය ඔසු සැල් සහ දිවයිනේ පිහිටි සියලුම පෞද්ගලික ඖෂධ අලෙවිසැල් හෙට (02) අනිද්දා (03) සහ ලබන 06 වනදා විවෘතව තැබීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ ගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ.
විශ්‍රාම වැටුප් ලබන ජේෂ්ඨ පුරවැසියන්ට ඖෂධ මිලදී ගැනීම සඳහා මෙලෙස ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.
ජේෂ්ඨ පුරවැසි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.
898 Views
Comments