ජාතික ලැයිස්තු නාම ලේඛන සතියක් තුළ ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

ජාතික ලැයිස්තු නාම ලේඛන සතියක් තුළ ඉල්ලයි

ජාතික ලැයිස්තු නාම ලේඛන සතියක් තුළ ඉල්ලයි

ජාතික ලැයිස්තු නාම ලේඛන ඉදිරි දින 7 ඇතුළත ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී තිබෙනවා.

 

මෙවර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 17 කි.

 

සමගි ජනබල වේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 7 කි.

 

ජාතික ජන බල වේගය , ඉලංගෙයි තමිල් අරසු පක්ෂය , අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය , අපේ ජනබල පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බැගින් හිමිවිය.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ඊයේ මැතිවරණ කොමිසමට භාර දී තිබෙනවා.

 

views

670 Views

Comments

arrow-up