7 හැවිරිදි දරුවෙක්ව ලිංගික අතවර කර ඝාතනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

7 හැවිරිදි දරුවෙක්ව ලිංගික අතවර කර ඝාතනය කරයි

7 හැවිරිදි දරුවෙක්ව ලිංගික අතවර කර  ඝාතනය කරයි

මව් සෙනෙහස අහිමි සනුජ සත් හැවිරිදි වියේ පසුවූ සෙල්ලක්කාර දරුවෙක් විය. ඔහු ජීවත්වුයේ ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ ඥාති නිවසකය.  

 

ඔහු එම නිවස ආසන්නයේ පිහිටි ඇළක් අසළ සිටිනු නිවැසියන් ඊයේ (31) දැක තිබේ. නමුත් ඉන්පසු ඔහු එහි දක්නට නොමැති බැවින් ඔවුන් ඒ බව පොලීසියට දැන්වා තිබේ.

 

පසුව ඒ අවට සොයාබලන විට දරුවාගේ සිරුර එම ඇළ අසළ තිබී හමුවී තිබෙනවා . පසුව එය ගලේවෙල රෝහලට ගෙන ගොස් තිබේ.

 

දරුවාගේ ගෙල ප්‍රදේශය රෙදි කැබැල්ලකින් සිරකොට ඇති බවත් මුහුණේ වැලි තැවරී තිබුණු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

 

මිය ගිය දරුවා පදිංචි නිවෙස ඉදිරිපිට ඇළ මාර්ගය, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති බව ද වාර්තා වේ.

 

දරුවා ඝාතනය වූ ස්ථානය ආසන්නයේ හෙරොයින් භාවිත කළ බවට සැක කළ හැකි සුන්බුන් ද හමුවී ඇත.

 

මෘත ශරීරය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) සිදුකිරීමට නියමිතය.

 

මිය ගිය දරුවාට ලිංගික අතවරයක් සිදුකොට ඝාතනය කරන්නට ඇතැයි යන සැකය මත පරීක්ෂණ පවත්වන බව ද ගලේවෙල පොලීසිය පවසයි.

 

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

 

views

952 Views

Comments

arrow-up