සන්නස්ගලගේ වත්කම් ‘මහදවල් සොරාගත්’ හිටපු ඇමති මෙන්න (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

සන්නස්ගලගේ වත්කම් ‘මහදවල් සොරාගත්’ හිටපු ඇමති මෙන්න (VIDEO)

සන්නස්ගලගේ වත්කම් ‘මහදවල් සොරාගත්’ හිටපු ඇමති මෙන්න (VIDEO)

කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක නලීන් බණ්ඩාර මහතා උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ දැන්වීමක් සොරාගෙන තමන්ගේ මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවට චෝදනා එල්ල වනවා.

 

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් උපුල් ශාන්ත සන්නස්ගල මහතා සඳහන් කර ඇත්තේ ‘මහ දවල් ඩේ ලයිට් රොබරි. දැන්වීමත් හොරකං කරන එකා තව මොනව හොරකං නොකරයි ද ?’ යනුවෙනුයි.

 

පසුගිය මැතිවරණයක් සඳහා උපුල් ශාන්ත සන්නස්ගල මහතා සැකසූ දැන්වීමක් එලෙසින්ම ගෙන නලීන් බණ්ඩාර මහතාගේ රුව යොදා මාධ්‍ය ලබාදී ඇති අතර එය සන්නස්ගල මහතාගේ සිසුන් ෆේස්බුක් ඔස්සේ විවේචනයට ලක් කර තිබෙනවා.

 

එම වීඩියෝව සහ එහි මුල් වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

 


views

865 Views

Comments

arrow-up