සත්‍යග්‍රහය අවසන් කිරීමට වරාය සේවයින්ගේන් කොන්දෙසියක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

සත්‍යග්‍රහය අවසන් කිරීමට වරාය සේවයින්ගේන් කොන්දෙසියක්

සත්‍යග්‍රහය අවසන් කිරීමට වරාය සේවයින්ගේන් කොන්දෙසියක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන්නේ නම් සිය සත්‍යග්‍රහය අත්හිටුවන බව වරාය සේවකයින් පවසයි.

 

නැගෙනහිර පර්යන්තයේ කටයුතු ආරම්භ කරන ලෙස රජයට බල කරමින් වරාය සේවකයින් දැනට දින කිහිපයකට පෙර සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

 

කෙසේවෙතත් ඔවුන් ඊයේ (31) සිට වර්ජනයක් ආරම්භ කළ අතර මේ හේතුවෙන් කොළඹ වරායේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.

 

වර්ජනයේ නිරත සේවකයින් පවසන්නේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු හැකි ඉක්මණින් වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.


views

853 Views

Comments

arrow-up