පවතින තත්ත්වය මත උත්සව සමයේ සංචරණ සීමා, හුදකලා කිරීම් හෝ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට බලාපොරොත්තුවක් නැහැ - යුද හමුදාපති
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

පවතින තත්ත්වය මත උත්සව සමයේ සංචරණ සීමා, හුදකලා කිරීම් හෝ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට බලාපොරොත්තුවක් නැහැ - යුද හමුදාපති

පවතින තත්ත්වය මත උත්සව සමයේ සංචරණ සීමා, හුදකලා කිරීම් හෝ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට බලාපොරොත්තුවක් නැහැ - යුද හමුදාපති

මේ මොහොත තුළ පවතින තත්වය හමුවේ එළඹෙන උත්සව සමයේ සඳහා සංචරණ සීමා හුදකලා කිරීම් හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට අපේක්ෂා නොකරන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් වේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

අද කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස හයක් හුදකලා තත්ත්වයෙන් ඉවත් කරමින් දින 51 ක ට පසු එම ජනතාවට නිවෙස් වලින් පිටතට යාමට වසර ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී ලැබුණු උපදෙස් මත හුදකලා කර ඇති මහල් නිවාස වල සෑම පුද්ගලයෙකුම pc r පරීක්ෂණයක් සඳහා යොමුකර එම වාර්තා අනුව හුදෙකලා තත්වයේ ඉවත් කිරීමට කටයුතු කිරීමට පියවර ගත් බවයි කවදාවත් ඉවරයක් කියා සිටියේ.

 

මහල් නිවාස 11ක ජනතාවගෙන් 2/3ක ප්‍රමාණයකට මේ වන විට PCR පරීක්ෂණ සිදුකර අවසන් කර තිබෙනවා.

 

තවත් මහල් නිවාස හතක් හුදකලා තත්වයේ පවතිනවා.

 

එම නිවාස වල ජනතාවටද ඉදිරි දින දෙක තුළ පරීක්ෂණවලින් අනතුරුව නිවෙස්වලින් පිටතට යාමට අවසර ලබාදෙන බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

 

 

 

views

605 Views

Comments

arrow-up