සහල් මිල අඩු කෙරේ

උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීමට මහා පරිමාණ සහල් මෝල් හිමියෝ එකඟත්වය පළ කර තිබෙනවා. ඒ අද (10) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග පැවැති සාකච්ඡාවක ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ.
ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 98/=ක උපරිම සිල්ලර මිලකට ද, සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 99/=ක උපරිම සිල්ලර මිලකට ද අලෙවි කිරීමට සහල් මෝල් හිමියෝ එහි දී එකඟතාවය පළකර තිබෙනවා.
මෙම උත්සවය සමයේ දී සහන මිලට සහල් ලබා දීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගත් තීරණයට අනුව පාරිභෝගික ජනතාවට එම මිලට හිගයකින් තොරව සහල් මිල දී ගැනීමට හැකි වනු ඇත.
ඒ අනුව හෙට (11) සිට සහල් මෝල් හිමියන්ගේ බෙදා හැරීම් ජාලය ඔස්සේ සහන මිලට මිල දී ගත හැකි වන පරිදි සහල් බෙදා හැරීමට නියමිත ය.
1078 Views
Comments